ඩයනලාගේ ගැටුම සොයන කමිටුවේ වාර්තාව කථානායකට භාර දෙයි

83

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (14දා) භාරදී තිබේ.

එම සිද්ධියට අදාළ තිදෙනාගේ ක්‍රියා කලාපය පිළිබඳව මෙමගින් වෙන වෙනම නිර්දේශ ලබා දුන් බව එහි කමිටු සාමාජිකයෙක් ‘දිවයින’ට පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ එකඟතා මෙන්ම බෙදීම් ද ඇති බවත් ඒ සියල්ලම වාර්තාවට ඇතුළත් කළ බවත් කී එම සාමාජිකයා මේ පිළිබඳව කථානායකවරයා අවසන් තීරණය ගනු ඇතැයි ද කීය.

මෙම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් අතර එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් මාකාර්, තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment