ඩයනා මන්ත්‍රී ධුරය දැරීම සුදුසුද? තීන්දුව යළිත් කල්යයි

94

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය දරන්නියක වන බවත් එබැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කිරීම ලබන 31 වැනිදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (18දා) යළිත් දින නියම කළේය. සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම සම්බන්ධයෙන් විභාගය අවසන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්. ඒ. ආර්. මරික්කාර් හා ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ (18දා) සිදුකිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් ඊයේ (18දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී තීන්දුව නිකුත් කිරීම එලෙස කල් දැමිණි. එකී පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී විභාගයට ගෙන තීන්දුව නිකුත් කිරීමට නියමිතව තිබියදී බෙදුනු තීන්දුවක් නිකුත් කිරීමට තීරණය කිරීම නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී නැවත විභාගයට ගැනීමට පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment