ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කරන්න ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ යුතුයි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

68

ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කිරීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත ගෙන ආ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.

ඇතැම් වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවලට දැවැන්ත වැඩ වර්ජනයකට යනවා කියලා නිකන් කටමැත දොඩවනවා. මේ රටේ වෘත්තීය සමිති මාෆියාව නිසා රටත් ජනතාවත් ඇති තරම් බැට කාලා තියෙනවා. තවදුරටත් ජනතාව වෘත්තීය සමිතිකාරයන්ට යටත් වෙන්න බැහැ. අපි වෘත්තීය සමිති 72 ක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මේ රජය ගෙනියන වැඩපිළිවෙළ සාර්ථක කරන්න යැයි වෛi රුක්‍ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය. ජනතාද්‍රෝහී වෘත්තීය සමිති නොව ජනතාවාදී වෘත්තීය සමිති පිහිටුවන්න රජයේ වෛi නිලධාරීන්ගේ සංසදය කටයුතු කරන බවද බෙල්ලන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment