නව ක්‍රමයක් එනතුරු අස්වැසුම වැඩිහිටි-ආබාධිත දීමනා පැරණි ක්‍රමයට

170

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරනතුරු අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගීන්, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවැති පරිදි පුද්ගලයන් 647,683 දෙනකු සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉදිරි දින කිහිපයේදී එම ගෙවීම් සිදුකිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මේ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනකු සඳහා වැඩිහිටි දීමනාවත් 88,602 දෙනකු සඳහා අබාධිත දීමනාවත් 41,119 දෙනකු සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින්ද, ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබාගැනීමේ හැකියාව පවතී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment