මෛත්‍රී පාස්කු වන්දියෙන් කොටසක් ගෙවයි

3783

රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තාවේ.

එසේ වන්දි ගෙවා ඇත්තේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100 ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වැනිදා රුපියල් මිලියන 10 ක් සහ රුපියල් මිලියන 5 ක් බැගින් රුපියල් මිලියන 15 ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment