නිකිණි පොහොය අදයි

47


නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කෙරෙති.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනකය.
මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම සිදු කෙරෙන්නේ ද නිකිණි පොහොය මුල්කර ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment