නොවැක් මාග්‍රට් සම කරයි

195

සර්බියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ලෝක ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ වාර්තාව සම කිරීමට සමත් වූයේය.

මෙවර එක්සත් ජනපද විවෘත (පිරිමි – කේවල) ටෙනිස් ශූරතාව දිනා ගනිමින් සිය වෘත්තීය ක්‍රීඩා ජීවිතයේ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගත් ඔහු විසින් සම කරන ලද්දේ හිටපු ඔස්ටේ්‍රලියානු ටෙනිස් ශූරියක් වන මාග්‍රට් කෝට් සතු වාර්තාවයි.

නොවැක් හමුවේ අවසන් මහා තරගයේ දී රුසියාවේ ටෙනිස් ශූර ඩැනිල් මෙද්වෙදෙව් 6-3ක්, 7-6ක් සහ 6-3ක් ලෙස පරාජයට පත් වූයේය.

ටෙනිස් තරු වන ස්පාඤ්ඤ ජාතික රෆායෙල් නඩාල් (22) සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් (20) නොවැක් ට පසුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment