පකිස්තානයෙන් සහල් ගේන්න සියල්ල සූදානම්

266

වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට පාකිස්ථානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවට පසුගියදා අනුමැතිය ලැබුණි.

ඒ අනුව ඉදිරි සති දෙක තුනේදී එම සහල් තොගය මෙරටට ගෙන්වීමට නියමිතව ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අතිශය දුෂ්කරතාවයට පත්ව සිටින රටේ පොදු ජනතාවට අඩු මිලට සහල් ලබාදීමේ අරමුණින් වෙළඳ ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment