පාරට බැස විරෝධතා පවත්වන්නැයි ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලයි

290

නිදහස වෙනුවෙන් රටපුරා වීථි බැස විරෝධතා පවත්වන ලෙස පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය සිකුරාදා ය.නිදහස ලැබීමෙන් අනතුරුව ඉම්රාන් ලාහෝර් හි පිහිටි සිය නිවස වෙත පැමිණියේය.ඉන් අනතුරුව වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ වීථි බැස විරෝධතාවන්හි නිරත වන ලෙසය.ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහුට සහාය දැක්වීම විශාල පිරිසක් ලාහෝර් හි පිහිටි ඔහුගේ නිවස අසලට පැමිණියේය.පසුගිය සතියේදී හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගත් අතර ඒ සමඟ රටපුරා ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වුණි.විරෝධතා අතරතුර පොලිස් වාහන 74ක් සහ රජයේ ගොඩනැගිලි 22ක් ගිනි තබා විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 2,800ක් අත්අඩංගුවට ගැණුනි.

advertistmentadvertistment
advertistmentadvertistment