බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා හිරගෙදරට බීඩි, ෆෝන් අදින්න හදලා

56

පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය එක්ව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසල සිදුකළ විශේෂ සෝදිසි කිරීමක දී බන්ධනාගාරය තුළට ඈෂ් මත්ද්‍රව්‍ය, සිගරැට්, බීඩි හා ජංගම දුරකථනයක් රැගෙන යෑමට තැත්කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා 21 වැනිදා සවස අඟුණුකොළපැලැස්ස පොලිසියට භාර දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර වෘත්තීය උපදේශකවරයකු හා බන්ධානාගාර නියාමකවරයෙකි.

බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළු වීමට පෙර බන්ධනාගාරය ඉදිරිපිට දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම නිලධාරීන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සමග බන්ධනාගාර නියාමකවරයා ද බන්ධනාගාරයට ඇතුළු වීමට පැමිණ ඇති අතර එහිදී සිදුකළ පරික්ෂාවේ දී බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සතුව සඟවාගෙන තිබූ ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 110 ක්, බීඩි 02 ක් හා සිගරට් 01ක් අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී සැකකටයුතු කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් නිලධාරීන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට භාර දී ඇත. මූලික පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment