බළපිටියේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල ජාතික මට්ටමත් අභිබවා යයි

94

නොමිලේ රාත‍්‍රී පංති පැවැත්වූ ගුරුවරුන්ට ප‍්‍රණාමය පුද කරනවා

බළපිටිය කොට්ඨාසයේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵල ජාතික මට්ටම අභිබවා ගොස් තිබෙන බව බළපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. රෝහිත නයනකාන්ත මහතා පවසයි.

පසුගිය වසරේ ප‍්‍රතිඵල ප‍්‍රතිශතය සියයට හැට නවයක් වූ අතර මෙවර එම ප‍්‍රතිඵලය සියයට 77.2 කි. මෙය පාතික මට්ටම අභිබවා යෑමකි. සෞන්දර්ය විෂය ප‍්‍රතිඵල නැතුව මෙම ප‍්‍රතිශතය ලබා ඇත. සිසුහු විසිපස් දෙනකු සෞන්දර්ය විෂයට පෙනී සිටි අතර ඒ ප‍්‍රතිඵලය ලැබුණු විට මේ ප‍්‍රතිඵලය සියයට අසූව දක්වා ඉහළ යා හැකි බවද ඒ මහතා බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසීය.

බොහෝ ගුරුවරු මුදල් අය නොකර නොමිලේ රාත‍්‍රියේ පවා පන්ති පවත්වමින් සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් බවත්, ඒ ගුරුවරුන්ට ප‍්‍රණාමය පුද කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment