මත්ද්‍රව්‍ය මඬින්නැති – අලුත් ඕඅයිසීලාට මාස දෙකෙන් මාරුවීම්

275

පොලිස් ස්ථානාධිපති ධුරයන් සඳහා අලුතින් පත්වූ නිලධාරීන් තම පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මර්දනය කර නීතිය සාමය ආරක්‍ෂා කර මහජනතාවට සේවය කිරීමට කටයුතු නොකළොත් මාස දෙකක් ගතවීමෙන් පසු එම නිලධාරීන් වහාම මාරුකර යැවීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවැසීය.

ස්ථානාධිපති ධුරයන් සඳහා අලුතින් පත්වූ සියලුම නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාව මෙන්ම ඔවුන්ගේ හැසිරීම නිරීක්‍ෂණය සඳහා වෙනම අධීක්‍ෂණයක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසූ තෙන්නකෝන් මහතා අදක්‍ෂ අකාර්යක්‍ෂම නිලධාරීන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බවද කීවේය.

තම පොලිස් බලප්‍රදේශයේ රාජකාරි කරන ස්ථානාධිපතිවරයා යම් විනය විරෝධී සහ දූෂිත ක්‍රියාවක් කරන්නේ නම් ඒ පිළිබඳව තමන් වෙත දැනුම්දෙන ලෙස ද දේශබන්දු තෙන්නකෝන් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් පසුගියදා පොලිස් ස්ථානාධිපතිවරුන් 270 දෙනකු පත්කරනු ලැබූ අතර එම නිලධාරීහු ඊයේ සිට සිය ධුරයන්හි වැඩ ආරම්භ කළහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment