මහගමසේකරයන්ගේ බිරිඳ දිවි මග නිමා කරයි

929

මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන් ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයක ම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහප්‍රාප්ත වූවාය.මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු විය.අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මිය ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා පෙරවරු 10.00ට තැන්පත් කර තැබේ.අවසන් කටයුතු නොවැම්බර් 25 දා සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment