මාදුරුඔය රක්ෂිතයේ සතුන් දඩයම් කල පස් දෙනෙකු හසුවේ

170

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කල පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (20) මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයන්ල දඩයම් කළ වන සතුන්ල හා දඩයම් සඳහා යොදා ගත් භාණ්ඩ අත්අඩංගුවට ගන්නා ලදි.

ඌරු මස් කිලෝ ග්‍රෑම් 22ක් යි මුව මස් කිලෝ ග්‍රෑම් 25 ක් වෙඩි බෙහෙත් කොටන තුවක්කු 01 යිල පිහි 02 ඊයම් පතොරම් 1 විදුලි පන්දම් 05ක් විිේිග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉරාසතුරෛයි නගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25,29,29,34,35 වයසේ පසුවන පුද්ගලයින් වේ.
මෙම පුද්ගලයන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පනිජ්ජාඔය වනජීවී කාර්යාලය වෙත විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒගඑම්ගසීගබීග අත්තනායක ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment