මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද විවාදයට

77

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19 දා) විවාදයට ගැනීමට ඊයේ (18 දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මෙම කාරක සභාව රැස්වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන මෙම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හරහා දැනට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සාහයක නිරත වී සිටින බවට විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළහ.

පනත් කෙටුම්පත විවාද කිරීම මාසයකින් කල් දැමීමට පෙරේදා (17 දා) රැස්වූ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තීරණය කළ නමුත් පනතේ වැදගත්කම හා ඒ පිළිබඳ ඉල්ලීම් සලකා බලා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධිකරණ ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment