මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කරලා

201

ඝාතනයට සැක ශ්‍රී ලාංකික 2ක් සොයා විමර්ශන

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනයට ලක් වී තිබේ. මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පූර් පොලිසිය නිවේදනය කර තිබේ.

මේ ඝාතන සිදු කළ බවට සැකකරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පූර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් පවසයි. මියගිය තිදෙනාගෙන් එක් අයකු නිවස අයිති යුවළගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබී ඇති අතර මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබිණි.

ක්වාලාලම්පූර් හි සෙන්තුල් දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් පැවසුවේ අසල්වාසීන් විසින් රණ්ඩුවක් වැනි කෑගැසීම් ගැන තොරතුරක් වාර්තා කිරීමෙන් පසුව මේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment