නිවසක් කොල්ල කන්න ආ හොරා සෞඛ්‍ය පරීක්‍ෂකට හා මාධ්‍යවේදියාට පිහියෙන් අනී

590

වවුනියාව යාපනය පාරේ සෝයා ලේන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මංකොල්ල කෑමට පැමිණි හොරෙකු එල්ල කළ පිහි ප්‍රහාරවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු 28 දා තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

අලුයම දෙකට පමණ සෝයා ලේන් හි පිහිටි නිවසට ඇතුළු වූ හොරෙකු නිවසේ භාණ්ඩ මංකොල්ලකෑමට පටන් ගෙන ඇති අතර මුලින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනී ඇත.

ඔහු වහාම ක්‍රියාත්මක වී හොරා ඇල්ලීමට උත්සහ කළ අවස්ථාවේ දී හොරා ළඟ තිබූ පිහියකින් මහජන සෞඛ්‍යා පරීක්ෂකවරයාට අනින්නට පටන් ගැනීමත් සමගම ඔහුගේ සහෝදරයා වූ මාධ්‍යවේදියාට අවදි වී ඔහු ද හොරා ඇලීමට උත්සහ කරද්දී ඔහුටත් හොරා විසින් පිහි ප්‍රහාර එල්ල කොට තිබේ. දෙදෙනම කෑ ගෑසීමත් සමගම අවට අසල්වාසීන් පැමිණ හොරා අල්ලා ගස් බැඳ පොලිසියට දැණුම් දී ඇත.

නිවසට ඇතුළු වූ හොරා විසින් මංකොල්ල කා බෑගයකට එකතු කරන ලද ජංගම දුරකතන ලැප්ටොප් පරිගණක හා තවත් භාණ්ඩ රැසක් සාලයේ තිබී නිවසේ උදවියට හමු වී තිබේ. පොලිසිය පැමිණ අදාළ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment