මිලියන 50ක ටෙන්ඩරයක් හොරට හදලා – සංචාරක ලොක්කන් 6කට මාරුවීම්

361

පරීක්‍ෂණයකුත් ඇරඹේ

රුපියල් මිලියන 50 ක් වටිනා ටෙන්ඩරයක් ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ පද්මා සිරිවර්ධන මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් හය දෙනකුට එරෙහිව සංචාරක අමාත්‍යාංශය විසින් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

එසේම අදාළ නිලධාරීන් හය දෙනා සංචාරක අමාත්‍යාංශයට මාරු කිරීමට ද සංචාරක අමාත්‍යාංශය පියවරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාගෙන් ඊයේ (10 දා) මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළේ අදාළ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණය තවමත් පැවැත්වෙමින් තිබෙන නිසා ඒ ගැන වැඩිදුර විස්තර ප්‍රකාශ කිරීම අපහසු බවත්ය. මෙය බරපතළ සිදුවීමක් බවද අමාත්‍යාංශ ලේකම්වරයා පිළිගත්තේය.

මේ සම්බන්ධනේ අදහස් දැක්වූ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කීවේ පරීක්‍ෂණයේ ස්වභාවය මත පරීක්‍ෂණය කෙතරම් කාලයකින් අවසන් කළ හැකිද යන්න තීරණය වනු ඇති බවයි.

කොල්ලුපිටියේ සංචාරක මණ්ඩලයේදී ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය විය.

ජාත්‍යන්තර ඩෙන්ඩරයකදී යම් සමාගමකට වාසිදායක වන අයුරින් අදාළ නිලධාරීන් හිතාමතාම ව්‍යාජ ලංසු ලේඛනයක් සකස් කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ලවී ඇති බවද වාර්තාවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment