යාපනයට ලකුණු 55ක ජයක්

91

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගෝල් පිල අයහපත් කාලගුණය මැද තරගය නවතා දමද්දී ඕවර් 32.3කදී කඩුලු 9කට ලකුණු 171ක් ලබා සිටි හෙයින් මෙම පහසු ජයග්‍රහණය ජැෆ්නා පිල සතු විය.

ගෝල් පිලට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවූ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 3ක්, රවිදු ප්‍රනාන්දු හා ළහිරු මධුසංඛ කඩුලු 2 බැගින් බිඳහෙළීම කැපී පෙණුනි. ගෝල් පිලේ පළමු කඩුලු 3ක් ඕවර් 4.5ක් ගෙවෙද්දී දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත්වීමෙන් පීඩනය වැඩි විය.

ගෝල් ආරම්භක පන්දු යැවූ දිල්ෂාන් මධුසංඛ තරගය පුරා කඩුලු 5ක් ලබාගෙන ලබාදුන් තර්ජනය මැද ජැෆ්නා පිල ආරම්භයේ අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් මුල් කඩුලු 3ක් ලකුණු 23කට දැවී ගිය අතර, නායක සධීර සමරවික්‍රම හා ජනිත් ලියනගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ගොඩනගා ස්ථාවර තත්ත්වයකට රැගෙන ආහ. සධීර සමරවික්‍රම පන්දු 62කදී හතරේ පහර 5ක් සමග ලකුණු 53ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් දෙමින් ජනිත් ලියනගේ පන්දු 95කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 62ක් එක් කළේය.

ජැෆ්නා පිලට ළහිරු මධුසංඛ පන්දු 27කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක් වාර්තා කළ අතර, රවිදු ප්‍රනාන්දු පන්දු 39කදී හයේ පහරක් හා හතරේ 4ක් සමග ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා – රවිඳු ප්‍රනාන්දු

ජැෆ්නා – සියලු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 48.4)

නවෝද් පරණවිතාන 12, සධීර සමරවික්‍රම 53, ජනිත් ලියනගේ 62, ළහිරු මධුසංඛ 22, කමේෂ් නිර්මාල් 18, රවිදු ප්‍රනාන්දු 46 ( දිල්ෂාන් මධුසංඛ 40/5, ධනංජය ලක්ෂාන් 30/1, මහේෂ් තීක්ෂණ 48/1, දුනිත් වෙල්ලාලගේ 45/1)

ගෝල් – කඩුලු 9ක් දැවී ලකුණු 171යි (ඕවර් 32.3)

පසිදු සූර්යබණ්ඩාර 51, විශාද් රන්දික 14, දුනිත් වෙල්ලාලගේ 12, පැතුම් කුමාර නොදැවී 60 ( බිනුර ප්‍රනාන්දු 20/1, ප්‍රෙමා්ද් මධුෂාන් 42/3, රවිදු ප්‍රනාන්දු 14/2, දිලුම් සධීර 39/1, ළහිරු මධුසංඛ 22/2)

advertistmentadvertistment
advertistmentadvertistment