රත්‍රන් කිලෝ අටක් ඩිංගි බෝට්ටුවක

647

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ ඊයේ (12) අලුයම් කාලයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර පරීක්‍ෂා කිරීමේදී මෙම රත්‍රන් තොගය හමුවී ඇත .එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම රත්‍රන් සහිත පාර්සල් හතර අත්අඩංගුවට ගෙන තිබේ.නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment