රු.20,000 දියව්! – සෞඛ්‍ය සේවකයෝ අද රෝහල් ඉදිරිපිට විරෝධතාවල

44

රුපියල් විසිදහසක අවම මාසික දීමනාවක් ලබා නොදීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (30 දා) දහවල් 12.00ට කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිටදී විරෝධතාවක නිරත වීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

වෛi වෘත්තිකයන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන් ඉකුත් දිනවල රුපියල් 20,000ක වැටුප් දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරත වූ අතර, රජය රුපියල් 10,000ක දීමනාවක් ලබන අප්‍රේල් මස සිට ලබාදීමට ගත් තීරණයට කිසිදු රාජ්‍ය සේවකයකු එකඟ නොවන බැවින් මෙම විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛi ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) සඳහන් කළේය.

සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ යට ගැසීම, ඖෂධ උපකරණ හා කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කිරීම ආදී කරුණු ද මුල්කර ගෙන මෙම විරෝධතාව පවත්වන බවත්, කොළඹ ජාතික රෝහල, මාතර, බදුල්ල, අම්පාර මහ රෝහල් ඉදිරිපිටදී සහ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්‍ෂණ රෝහල, බොරැල්ල ආයුර්වේද රෝහල මෙන්ම කරාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී ද මෙම විරෝධතා පවත්වන බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment