ව්‍යවස්ථාදායක සභාවට ජනපතිගෙන් චෝදනා

270


ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට එම සභාවේ ඇතුලෙන් ගෙන යන වැඩ පිළිවෙල නිසා අධිකරණයට සහ පොලිසියට වැඩ කරගැනීමට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එබැවින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු පිළිබඳ විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ලබන සතියේ පත් කරන බවද ජනාධිපති කීවේය. එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.-
දැන් වෙලා තිබෙන්නේ පොලිස්පති කෙනෙකුත් නෑ. ඒ වගේම විනිශ්චයකාරවරුනුත් නෑ. මම දන්නේ නැහැ කොහොමද යුක්තිය පසිඳලන්නේ කියලා. පොලිසියටත් වැඩ කරන්න බෑ. උසාවියටත් වැඩ කරන්න බෑ. ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයෝ වැඩ කටයුතු කඩා කප්පල් කරන්න ඇතුලෙන් කරන වැඩ පිළිවෙල නිසා අපිට වැඩ කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අපි එන සතිය වන විට භාර දෙනවා මේ ගැන විභාග කරන්න කියලා වෙනම තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. නැත්නම් වැඩ කරන්න බෑ.

advertistmentadvertistment
advertistmentadvertistment