වැටුප් වැඩිකර ගැනීම අහන්න මහ බැංකු ලොක්කෝ අද පාර්ලිමේන්තුවට

77

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකර ගැනීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන් අද (05දා) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමට සහ මුදල් කාරක සභා රැස්වීමට කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමට පෙරවරු 10.30 ට සහ ඉන් පසුව රැස්වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට උදේ 11.30 ට ද මහ බැංකු උසස් නිලධාරීන් කැඳවා ඇත. රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන මහබැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කළ ආකාරය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

රටත්, ජනතාවත් විශාල කැපකිරීම් සිදුකරමින් සිටින මොහොතක මහ බැංකු නිලධාරීන් තමන් විසින්ම විශාල වැටුප් වැඩිකිරීමක් කර ගැනීම සදාචාරාත්මක නැති බවට පක්‍ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment