විගණනය ගෑස් ලොක්කන්ගේ රෙදි ගලවයි

884


ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සහ ලිට්‍රෝගෑස් ලංකා සමාගම යන සමාගම් දෙකෙහි හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලිට්‍රෝගෑස් ලංකා සමාගමෙන් ලබාගත් දිමනාවට අමතරව රුපියල් 443,000 ක මාසික වාහන දිමනාවක් 2022 වර්ෂයේ මැයි මාසය දක්වා ලිට්‍රෝගෑස් ටර්මිනල් ලංකා සමාගමේන් ද ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සදහා චක්‍රලේඛය මගින් අවසර ලබාදි ඇත්තේ රුපියල් 50000ක් සදහා පමණි. එමෙන්ම චක්‍රලේඛයට අනුව ලිටර් 150 ඉක්මවා ලිටර් 500ක මාසික ඉන්ධන දිමනාවක් හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත ලබාදි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම සමාගමේ හිටපු සභාපති හා විධායක නිලධාරිවරයාට 2022 මැයි මාසය දක්වා රුපියල් 50000ක මාසික රියදුරු දිමනාවක් හා රුපියල් 150,000 මාසික විනෝදාස්වාද දිමනාවක්ද ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment