විදුලිබල මණ්ඩලය ලැබූ රු. බිලියන 70 ලාභය වියදම් කරන්නේ කුමකටදැයි සොයා බැලිය යුතුයි – සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

44

විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යායුත්තේ මහජන සේවය සලසන ආයතනයක් ලෙස මිස ලාභ උපයන ආයතනයක් ලෙස නොවේ යැයි විදුලිබල පනත මගින් පැහැදිලිව සඳහන් කර තිබිය දී මේ වනවිට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 70ක පමණ ලාභයක් උපයා ඇති බවට වාර්තා වන බව සමගිජන බලවේගය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ යෝජිත විදුලි ගාස්තු පිළිබඳව අදහස් විමසීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ඊයේ (15 දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වූ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

විදුලිබල පනතේ 30 වැනි වගන්තියට අනුව විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යායුත්තේ ලාභ ලබන ආයතනයක් ලෙස නොවේ. එසේ තිබිය දී විදුලි බල මණ්ඩලය ලාභ උපයා තිබෙනවා. එම ලාභය වියදම් කරන්නේ කුමක් සඳහා දැයි කියා සොයා බැලිය යුතුයි.

සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදුලි ගාස්තු ගෙවීම ප්‍රමාද වූ විට විදුලිය විසන්ධි කරන විදුලිබල මණ්ඩලය නැවත විදුලිය ලබාදීමේ දී රුපියල් තුන්දහසක මුදලක් අය කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment