මාස 8කදී විදුලි බිල 84%කින් වැඩි කරලා

147

මෙම වසරේ තුන්වැනි වතාවටත් ගාස්තු සංශෝධනයක් කරමින් ඊයේ (20 දා) සිට විදුලි ගාස්තුව සියයට දහ අටකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දීමත් සමග මාස අටක් තුළදී විදුලි බිල සියයට අසූහතරකින් පමණ වැඩි කර තිබේ.

මෙම වසරේ පෙබරවාරි මස 15වැනිදා විදුලි ගාස්තු සියයට 66.2කින් ඉහළ දැමූ අතර දෙවැනි සංශෝධනය යටතේ ජූලි 30වැනිදා සියයට 14.12 කින් ගාස්තු පහළ දැමීය. ඒ අනුව ඊයේ (20 දා) සිට විදුලි ගාස්තු සියයට දහඅටකින් ඉහළ දමා ඇත.

මෙසේ විදුලි ගාස්තුව ඉහළ දමා ඇත්තේ දැනට ලංවිම ලබන බව කියන රුපියල් කෝටි 1800ක (බිලියන 18) මුදල පියවා ගැනීමට යැයි ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

විදුලි පනතට අනුව වසරකදී විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ දෙවතාවකදී පමණි. නමුත් විශේෂ කාරණයක් මත තුන්වැනි වරට විදුලි ගාස්තු සියයට දහඅටකින් සංශෝධනය කිරීම නිසා ස්ථාවර හා ඒ ඒ කාණ්ඩවල නව මිල ගණන් මෙසේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment