විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

1408

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.”අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් එම නිවේදනය නිකුත් කර ඇත.මහනුවර ශ්‍රී දළදා මාළිඟයේ පෙරහැර පැවැත්වීමට පෙර විදුලි බිල්පතක් නිකුත් කිරීමට ගෙන ඇති පියවර බෞද්ධ සමාජයට මෙන්ම මුළු මහත් රටට සිදුකළ නිගාවක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීම කළ හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය පළ කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment