පොලිසිය ජල ප්‍රහාර එල්ල කර අන්තරේ විරෝධතාව විසුරුවයි

154

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ ලිප්ටන් වටරවුම අසල ඊයේ (03 දා) සවස පැවැත්වූ විරෝධතාව ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය මර්දනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පොලිස් අණ නොතකා විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම නිසා ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් එල්ල කළ බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති පවසයි.
චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන
ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment