වෙඩි තැබීමකින් සැකකරුවෙක් මරුට

215

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.ත්‍රිරෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි තරුණයකු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ගමන් කරමින් සිටියදී සැකකරු ඔහුට දමා තිබූ අත් විලංගු වෙන් එම පොලිස් කණ්ඩායමේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙ ගෙල සිරකර පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයිපොලිස් කොස්තාපල්වරයා ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නැමැත්තෙකි.ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවද කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment