ශ්‍රී ලංකාවට ණය දෙන්න එක්වන්නැයි ඉන්දියාව චීනයෙන් ඉල්ලයි

119

ඉන්දියාව හා ජපානය සමඟ එක්ව ශ්‍රී ලංකාවට අදාළ ණය සහනය ලබා දීමේ කටයුතුවලට එක්වන්නැයි ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර සිටී. එසේම ණය අවදානම්වලට මුහුණ දෙන රටවල් සඳහා අවශ්‍ය සහන ක්‍රියාමාර්ග වේගවත් කරන ලෙස ද ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ඉල්ලා ඇත.

“ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමඟ එක්ව ණය හිමියන්ගේ කණ්ඩායමේ හදිසි කමිටුවක් ඇති කර ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය විසඳන්න මූලික කටයුතු කළා. විවෘත සංසදයක් ඇත්තෙන්ම එය රටවල් තුනට පමණක් සීමා වෙන්නේ නැහැ. එම නිසා විශාල ණය දෙන්නන් ලෙස මෙයට සහභාගි වන මෙන් චීනයට ආරාධනා කරනවා” යැයි සීතාරාමන් මහත්මිය පැවසූ බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment