මිල සංශෝධනය බලාපොරොත්තුවෙන් – සිපෙට්කෝ ෂෙඩ් 162ක අවම ඉන්ධන තොග නෑ

187
ඇමැති කංචන කියයි
ඉන්ධන මිල සංශෝධනය බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන හල් 162 ක් අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිවී තිබේ. මිල සංශෝධනය සෑම මසකම 01 වැනිදා මධ්‍යම රාත්‍රියේදී සිදුකරනු ලබයි.

ඒ අනුව ඉන්ධන හල් 101 ක පෙට්‍රල් 92 ඉන්ධන තොග ද, ඉන්ධන හල් 61 ක ඔටෝ ඩීසල් ඉන්ධන තොග ද පවත්වාගෙන ගොස් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අපොහොසත්වූ ඉන්ධන පිරවුම්හල් කිහිපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමටත් අනෙක් ඒවාට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් පසුගිය මාසයේ සංස්ථාව කටයුතු කළ බව ද ඇමැතිවරයා විසින් පෙන්වා දී ඇත.

නිසියාකාරව අවම ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සංස්ථාව ඉල්ලා සිටින අතර අවශ්‍ය තොග සංස්ථාව සතුව පවතින බව ද ඇමැතිවරයා සිය ට්විටර් සටහනක් මගින් කියා සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඊයේ (30 දා) වනවිට ලංකා ඔටෝ ඩීසල් මෙටි්‍රක් ටොන් 124,690 ක්, සුපිරි ඩීසල් මේ‍රටි්‍රක් ටොන් 5,651 ක්, පෙට්‍රල් 92 මෙටි්‍රක් ටොන් 19,903 ක්, පෙට්‍රල් 95 මෙටි්‍රක් ටොන් 4,537 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙටි්‍රක් ටොන් 26539 ක් පවතින බවද ඇමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි. ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන හල්වල නාමලේඛනය ද ඔහු විසින් අනාවරණය කර තිබිණි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment