සති අන්තයේ ශ්‍රීපාද කරුණාවට ලක්ෂ 2 ක් ඇවිත්

43

නවම් පුණු පොහොය දිනයත් සමඟ යෙදුණු මෙවර සති අන්තයේ දින තුනක කාලය තුළ නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැවතුන් ලක්ෂ 2 කට අධික පිරිසක් පැමිණ ඇතැයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත වීරසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (25 වැනිදා) පැවසීය.

වන්දනාකරුවන් අධිකවීම නිසා නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ, ශ්‍රීපාද මළුවේ සිට සීත ගඟුල දක්වා දැඩි තදබදයක් තිබූ බව ද ඒ මහතා කීය.

තමන්ට එකම ස්ථානයේ පැය කීපයක් රැඳී සිටීමට සිදුවූ බව ද එම වන්දනාකරුවෝ පැවසූහ.

නල්ලතන්නිය නගරයේ පිහිටි ප්‍රාදේශීය සභා, රථගාල හා පෞද්ගලික රථගාල් සියල්ල වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථවලින් පිරී යෑම නිසා නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ දුරක සිට හැටන් ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස දැඩි රථවාහන තදබදයක්ද පැවැතිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

advertistmentadvertistment
advertistmentadvertistment