සභාග ගැන ජනපතිට අවබෝධයක් තිබිය යුතුයි

83

ඇමැති සංශෝධනවලින් ගැටලු විසඳගන්න බෑ – නාමල්

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට යෑමෙන් ප්‍රතිඵලය වූයේ රට අස්ථාවර වීම බව ද මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

එම නිසා ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැළීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි විශ්වාස කරන බව ද ඔහු කීය. ජනාධිපති ිධුරය භාරගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් නොව සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ටත් ආරාධනා කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා පරිණත දේශපාලනඥයකු ලෙස සන්ධාන සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවැසීය’
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment