දරුවන් ක්‍ෂණික ආහාර භාවිතය අඩු කරලා

417

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

වෙළෙඳ පොළේ ක්‍ෂණික ආහාර වර්ගවල මිල ඉහළ නැඟීමත් සමග දරුවන්ගේ ක්‍ෂණික ආහාර භාවිතය ඉතා අඩුවී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා) පැවසුවාය.

මෙම ක්‍ෂණික ආහාර වර්ග පරිභෝජනය අවම වීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳුණු දරුවන් වාර්තාවීමේ අඩුවක් දක්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේද කියා සිටියාය.

පැණි බීම වර්ග, බිස්කට්, කේක් වර්ග වැනි ක්‍ෂණික ආහාර වර්ගවල මිල ඉහළ යෑමත් සමඟ දරුවන් ඒවා ආහාරයට ගන්නා එක අඩු කරලා. මේ තත්ත්වය නිසා දරුවන්ගේ අධි බර තත්ත්වයේ අඩුවීමක් දකිනවා. ක්‍ෂණික ආහාර වර්ගවල මිල ඉහළ යෑමත් එක්ක දරුවන් බත් වේලලා ගුලි හදලා කන්න පුරුදු වෙලා තියෙනවා.

විශේෂයෙන් දරුවන්ගේ බරෙහි අඩුවක් දකින්නට තිබෙනවා නම් මාසෙකට සැරයක් දරුවන්ගේ බර කිරා බැලීම වැදගත්. බරෙහි වෙනසක් තිබෙනවා නම් දරුවන් වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment