සිය ආයතනයේදී තරුණියකට පහර දුන් යුවළක් අත්අඩංගුවට

4772


පෞද්ගලික ආයතනයක් තුළ තරුණියකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග අදාල යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාරල නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ අදාළ පහරදීම සිදුව ඇති බවය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

අත්අඩංගුවට පත්වූ සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය පවසයි.

මෙම සැකකාර අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment