සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාව පිටත් වෙයි

239

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගිවීමට පෙරේදා (10 දින) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිම්බාබ්වේ බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණුවීමේ තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

එම තරග හෙට ආරම්භ වීමට නියමිත අතර ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් පිටිවල සීමිත ඕවර් 50 සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වීමට නියමිතය.

සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාව පිටත් වෙයි

මේ අතර මෙම තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට පිරිනැමෙන කුසලානය සිම්බාබ්වේ හි හරාරේ නගරයේ මහජන ප්‍රදර්ශනය සඳහා ගෙන එන ලද අයුරු අනෙක් ඡායාරූපයේ දැක්වේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment