සෞඛ්‍ය විමර්ශන ඒකකය වෛද්‍ය චමල් සංජීවගෙන් පැය 2 1/2 ක් ප්‍රශ්න කරයි

470

කොවිඩ් සමයේදී කොවිඩ් පැතිරයෑම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කරුණු විමසීම සඳහා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (17 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.

එහිදී ඔහුගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

කොවිඩ් කාල සීමාවේදී බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට තමන් කළ හෙළිදරව්ව මේ වනවිට විගණකාධිපතිවරයා විසින්ම පිළිගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය මැදිහත්ව දූෂිත දේශපාලකයන්ට සහ නිලධාරීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විමර්ශනයට පෙනී සිටීමෙන් අනතුරුව ‘දිවයින’ට අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේය.

දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් ආරක්‍ෂා කිරීමට ජනපතිවරයා හෝ දේශපාලකයන් කටයුතු කරන්නේ නම් එය කනගාටුවට කරුණක් බවත් එය සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීමට සෘජුවම හේතු විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment