හරක් කටා සමග ‘හලෝ’ කී හයක් අත්අඩංගුවට

715

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරුන් 6 දෙනා නඳුන් චින්තක නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධ‍ෙන් සිදු කරන විමර්ශනවලට අනුව ‍මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.ඊ‍යේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී ‍මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් ය.කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment