හෙට්ටිවීදියේ රත්තරන් හෙල්ලෙයි

786

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ රන් මිල ඊයේ (09 දා) ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබුණි.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසටය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 134,000ක් ලෙසයි.

මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000 ක් ලෙස සටහන්ව තිබුණි.

මෙම වසරේ මේ දක්වා රන් මිලේ ඉහළම අගය වාර්තා වූයේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දී ය.

එය සටහන් වූයේ කැරට් 24 ක රන් පවුමක් 193,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 178,500 ක් ලෙසත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment