ෆැල්කන් සභාපතිට යළි සිතාසි යවන්න නියෝග

79

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාට ලබන 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (19දා) නියෝග කළේය.

එම සභාපතිවරයාට අධිකරණ නියෝග මත නිකුත් කළ සිතාසිය භාරදීමට උත්සාහ කළ නමුත් සිතාසියේ සඳහන් නම නිවැරදි නොවන බව කියමින් එය භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇතැයි පෙන්වා දෙමින් නිවැරදි නම ඇතුළත් කළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම නිවාස සංකීර්ණයේ පිහිටි සුඛෝපභෝගී නිවසක පදිංචිකරුවන්ට තර්ජනය කර එය අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉනෝකා චන්දිමා දිසානායක මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සභාපතිවරයා, බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සිවුදෙනකුට පසුගිය 02 වැනිදා එලෙස සිතාසි නිකුත් කර තිබිණි. ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා සෙසු දෙදෙනා ඊයේ (19දා) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment