IMF වැඩසටහන නිම වන තෙක් ලංවිම – ඛනිජ තෙල් පාඩු ලබනු බැහැ – IMF අවධාරණය කරයි

283

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලාය් මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය පැවසුවාය.

එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර බොහොමයක ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වල බලපෑම් පිළිබඳව මූල්‍ය අරමුදල අවධානය යොමු කරන බවත්, මූල්‍ය අරමුදල දිළිඳු සහ අඩු ආදායම්ලාභීන්ට එල්ල වන බලපෑම් සඳහා සමාජ ආරක්‍ෂණ වැඩසටහන් දියත් කළ යුතු බව පවසා ඇති බවත් ඇය සඳහන් කළාය.

ඇය මේ බව කීවේ ඊයේ (15 දා) කොළඹ මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. මෙයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිතයෝ එක්ව සිටියහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment