අනේ ස්වාමිනී මට ඇප දෙන්න – හිරේදි බල මාළු කාලා ලෙඩ වෙලා

15597

නීතිඥභාවය අහෝසි වුණ සුසිල් අධිකරණයේදී කියයි

“අනේ ස්වාමීනි මට ඇප දෙන්න, මම තනියම ජීවත් වෙන්නේ. මාව බලන්න එන්න කවුරුවත් නෑ. නංගියි මස්සිනයි විතරයි ඉන්නේ. ඒ අය ඉන්නෙත් පොළොන්නරුවේ. මම චර්ම රෝගයකින් පෙළෙන කෙනෙක්. හිරගෙදරදි දෙන බළ මාළුවගේ උෂ්ණ ජාති කාලා දැන් ඒ ලෙඩෙත් වැඩිවෙලා. මට දත් බෙහෙත් ටික පවා දෙන්නේ හිරගෙදර ඉන්න අයයි. ඒ නිසා මාව ඇපමත මුදාහරින ලෙස ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා” යැයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥවරයකු ලෙස කටයුතු කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතා ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී එලෙස ආයාචනා කළේය. “තමුන්ගේ ඇප ඉල්ලීම සලකා බලන්න. අනෙක් විනිසුරුතුමිය හා විනිසුරුතුමා කැමැති නෑ. තමුන් ඒ දෙන්නටත් විරුද්ධව නඩු දාලා තියෙනවා. තමුන් මට විරුද්ධවත් පැමිණිලි දාලා තියෙනවා නේද? මට කොහොමද පැමිණිලි කරලා තියෙන්නේ. මොනාද මම තමුන්ට කරපු වැරදි යැයි විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා මහතා ඔහුගෙන් විමසා සිටියේය.

විත්තිකරු :

“ඒවා මොනවාද කියලා දැන්නම් මතක නෑ ස්වාමීනි”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මල් විග්නේශ්වරන් මහතා -: ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරුතුමන්ලා 8-9 දෙනකුට එරෙහිව ඔහු නඩු දාලා තියෙනවා.”

සභාපති විනිසුරු :

තමුන්ගේ ඇප ඉල්ලීම සලකා බලන්න වෙනත් විනිසුරු මඬුල්ලක් පත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන්නම්. එදාට එතුමන්ලා ඉදිරියේ කියන්න තියෙන දෙයක් කියන්න.”

ඔහු ලබන 5 වැනිදා (හෙට) යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එදින දක්වා ඔහුව තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

පෙර දිනයේ අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අනුව චූදිතගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛi වාර්තාවක් අංගොඩ ජාතික මානසික රෝහලේ විශේෂඥ මානසික වෛi සී. පී. කේ. ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

අධිකරණ නියෝග නොතකා දිගින් දිගටම විවෘත අධිකරණය හමුවේදී අදහස් පළ කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පසුගිය 20 වැනිදා එම චූදිතව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment