අයි.එම්.එෆ් දෙවැනි වටය ළඟ ළඟ

206

ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

එම මාධ්‍ය වාර්තාවලට අනුව සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමග තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පැවතියදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයාකාරයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි.

මෙම සතියේ මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සමග මේ සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට ආසන්න බව මූලාශ්‍ර කිහිපයක් විසින් වාර්තා කර ඇති බව එහි සඳහන් වේ.

මේ සතියේ මොරොක්කෝවේ අයිඑම්එෆ් – ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී පැරිස් සමාජයේ සහ අනෙකුත් ණය දෙන්නන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව පසුගිය ඔක්තෝබර් 09 වැනි දා ආරම්භ වූ අතර එහි විවිධ වැඩසටහන් අද (15 දා) දින දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment