අය වැයෙන් පස්සෙ වාහන මිල වෙනස් වන හැටි

921

ආනයනකරුවන්ගේ සංගමය විසින් අයවැය යෝජනා ලෙස ලබාදුන් කිසිවක් මෙවර අයවැයේ සඳහන් නොවන බවත් අයවැය මගින් වාහන මිල අඩුකිරීමට කිසිදු පියවරක් නොගැනීම හමුවේ ඉදිරියේදී මෙරට වාහන මිල තවදුරටත් වැඩිවෙනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් මහතා මෙසේද පැවසීය.

“මගේ පුද්ගලික මතය නම් අයවැය මගින් වාහන මිල කිසිදු ලෙසකින් අඩු නොවීම නිසා ඉල්ලුම සැපයුම අනුව ඉදියේදී වාහන මිල වැඩිවේවි. ආනයනය කරන වාහන ප්‍රමාණය අඩුවීම තමයි මෙයට හේතුව. මේ නිසා, දිගින් දිගටම මිල වැඩිවීමක් වේ යැයි මම සිතනවා.“

advertistmentadvertistment
advertistmentadvertistment