අසෝක ගුණතිලක සම්මානයෙන් ඇගයේ

141

සබුද්ධි සම්මාන උළෙලේදී

එස්.එල්.ටී. සබුද්ධි ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ විවිධ විෂයික කෘතිය උදෙසා පිරිනැමෙන එල්. එන්. ස්පෝර්ට්ස් සම්මානය ‘දිවයින පුවත්පතේ’ සමාරම්භක ක්‍රීඩා කර්තෘ සහ හිටපු සම කර්තෘ අසෝක ගුණතිලක මහතාට හිමිවිය.

අසෝක ගුණතිලක මහතා පරිවර්තනය කළ ‘රොෂාන් මහානාම – වේදනාත්මක සමුගැනීමෙන් තීරක ලෙස යළි පිටියට’ කෘතිය වෙනුවෙන් ඒ මහතාට මෙම සම්මානය පිරිනැමිණ.

වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය ලෙස එම සම්මාන උළෙලේදී සමන් කුමාර ගුණවර්ධන රචනා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසර සියය කෘතිය සම්මානයට පාත්‍ර විණ.

වසරේ පර්යේෂණ නිබන්ධන සම්මානය කැලණිය විශ්වවිද්‍යාලයේ – ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයනාංශයේ අංශාධිපති අනෝමා රත්නායක මහත්මියගේිෂපච්ජඑ දf ක්‍දඩසා-19 දමඑඉරු්න දබ ිඑරුි ්බා ාැචරුිසදබ ්පදබට ෂබාස්බ දෙදඑඉ්කක චක්හැරි’ නිබන්ධනයට හිමි විය.

මෙම සම්මාන උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති,

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, ද චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ, සබුද්ධි සභාපති තමීර මංජු, සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment