ආරවුල විසඳා ගැනීමට ගොස් සිටියදී පුතාට ගැසූ පොලු පහරට මව බිලි

628

වටවල පොලිස් වසමට අයත්, මවුන්ජින් තේ වතුයායේ පවුල් දෙකක් අතර 05 දා රාත‍්‍රී 07.00 ට පමණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, මවුන්ජින් වතුයායේ පදිංචිව සිටි පනස් හත් හැවිරිදි චන්ද්‍රසේකරන් කලාදේවී නමැති තිදරු මවකි. සිද්ධිය සම්බන්ධයෙන් විසිහත් හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ආරවුල විසඳා ගැනීමට ගොස් සිටියදී පුතාට ගැසූ පොලු පහරට මව බිලි

මිය ගිය කාන්තාවගේ පුත‍්‍රයා හා අසල්වැසි නිවැසියන් සමග ඊයේ (05 දා) රාත‍්‍රී ඇති වූ බහින්බස් වීමකින් පසුව හටගත් ගැටුමක් සමථයට පත් කිරීම සඳහා මිය ගිය කාන්තාව ගොස් තිබේ. එම අවස්ථාවේ සැකකරු විසින් මියගොස් සිටින අයගේ පුත‍්‍රයාට එල්ල කරන ලද පොලූ පහරක් වැදීමෙන් මෙම කාන්තාව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව වටවල පොලිසිය කියයි.

සැකකරු හැටන් දිසා හා මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව වටවල පොලිසිය වැඩිදුරටත් පවසයි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment