ගාසා වැසියන්ට ශ්‍රී ලංකාවෙන් තේ කිලෝ දහසක්

549

ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් 1000ක් ගාසා වැසියන් වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. සෞදි අරාබි ආණ්ඩුව හරහා මේ ආධාර ගාසා තීරය වෙත යැවීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරන මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සෞදි අරාබියේ රියාද් වෙත නුදුරේදීම රැගෙන යෑමට නියමිතය. සෞදි රජය පලස්තීනුවන්ට ආධාර එකතු කිරීම සහ ආහාර සහ නවාතැන් වැනි සහන ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment