ඇඳිරි නීතිය 1 දා තෙක් දීර්ඝ වෙයි… ඇඳිරි නීතිය කඩකරන අයට නීතිය තදින්

109

දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17 දා* පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වැනිදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටි අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ එහිදී දීර්ඝකාලීන රෝගබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප‍්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි. සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවත්, දැනට වයස අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයේ සියලූ දෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බවත්ය.

ඒ අනුව මෙරට වයස අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලූ දෙනා එන්නත්කරණය කඩිනමින් අවසන් කිරීමටත්, රෝහල් තුළදී පමණක් එම එන්නත් ලබාදීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළේය.

විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලූ දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

තරුණ තරුණියන් එන්නත්කරණයේදී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තු වන තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වාදී නොමැති අතර සියලූ එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලූ දෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය නීලිකා මලවිගේ යන මහත්ම මහත්මීහු පෙන්වා දුන්හ.

සංකූලතා සහිත පශ්චාත් කොවිඞ් රෝගීන් ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡුාවට ලක් වූ අතර ඒ සඳහා ග‍්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයතන ප‍්‍රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බව ද සඳහන් කළේය.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුව ද මේ වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට හැකි වූ බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලූ පාර්ශ්වයන්ට ස්තූතිය පළ කළේය.

ජන ජීවිතය සහ ආර්ථික කි‍්‍රයාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යවශ්‍ය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යෑමට උපදෙස් දුන් ජනාධිපතිවරයා සියලූ ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට ද දැනුම් දුන්නේය.

සිසුන් 200 ට අඩු ග‍්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද සාකච්ඡුාවේදී විශේෂ අවධානය යොමු විය. එහිදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප‍්‍රධාන වගකීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වෙත ජනාධිපතිවරයා පැවසීය.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැුකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොවර සිය ජීවනෝපාය මාර්ග කරගෙන යෑමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම ද මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරිනීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ. පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ කොවිඞ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ, පළාත් සහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment