වනිඳු ටෙස්ට් පිටියට සමු දෙයි

212

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින් වනිඳු හසරංග සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

සීමිත ඕවර තරග රටාවේ විශේෂඥයකු ලෙස තම ක්‍රිකට් දිවිය සාර්ථක කර ගැනීම ගැන සිතා මෙම තීරණය ගත් බවත් තම උපරිමයෙන් රටට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් වනිඳු හසරංග තම සමු ගැනීමේ ලිපියේ දක්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ වනිඳු ගේ තීරණයට එකඟ වන බවත් ඔහු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුව බවයි.

ටෙස්ට් තරග හතරකට පමණක් ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග එහි දී කඩුලු හතරක් සහ ලකුණු 176 ක් ලබා ගෙන තිබේ.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණේ 2021 වසරේ බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment