ඇඳුම් සපත්තු බෑග් අභ්‍යාස පොත් ගිනි ගණන් දරුවෝ පාසල් යැවීම දෙමාපියන්ට සිහිනයක් – ජෝසප් ස්ටාලින්

108

නිල ඇඳුම්, සපත්තු ඇතුළු පාසල් උපකරණවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා ලබන වසරේ පාසල් දරුවන් රැසක් පාසල් යැවීමේ හැකියාව දෙමාපියන්ට අහිමිවනු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

දරුවන් නව වසරේ පාසල් යැවීම සඳහා නිල ඇඳුම්, සපත්තු ඇතුළු පාසල් උපකරණ අලුතෙන් සපයා ගැනීමට මේ රටේ දෙමාපියන් බහුතරයක් කටයුතු කළ බවත්, එම තත්ත්වය ලබන වසරේදී නැතිවී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

සපත්තු ජෝඩුවක් රුපියල් 4000 ක්, නිල ඇඳුම් කට්ටලයක් (ලොකු අයගේ) රුපියල් 3000 ට වැඩි වීම, පාසල් උපකරණ මිල ඉහළ යෑම නිසා දරුවන් පාසල් යැවීම දෙමාපියන්ට ගැටලුවක් වී ඇතැයි ද ඔහු කීය.

පාසල් උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන බවට බලධාරීන් ප්‍රකාශ කළත් ඒවා වචනවලට පමණක් සීමා වී ඇති බව ද කී ස්ටාලින් මහතා, මේ වනවිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන බවට කරන ප්‍රකාශ ද නිසි වැඩපිළිවෙළක් සකස් නොකර තිබීම නිසා වචනයට පමණක් සීමාවනු ඇතැයි ද කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment